පොඩි කාලේ ලියූ කතාවක්

Chatura Dilan Perera
2 min readMar 21, 2019

--

වේලාව රාත්‍රී දහයට පමණ විය. මම ගෙවත්තට පිවිසුනේ තරු හා ග්‍රහලෝක වලින් සමන්විත වූ අසිරිමත් ආකාශය දැක ගැනීමේ අදිටනින්ය. අහසේ සැඟව ඇති තරු රටා සොයමින් අහස දෙස බලා සිටි මට කිසිදා නොදුටු දීප්තිමත් තාරකාවක් දැක ගැනීමට හැකි විය. නිල් රතු හා වර්ණ වෙනස් වෙමින් එඅහි මදින් මඳ දීප්තියෙන වැඩිවිය.

අනතුරුව එය තරුවක් නොව කුඩා යානාවක් බව මට හැඟී ගියේය. මම මා අසල වූ අඹ ගසකට මුවා වෙමින් ඒ දෙස බලා සිටියෙමි. එම යානාව සෙමින් මාගේ ගෙවත්තට ගොඩ බසින අයුරු මට දැක ගැනීමට හැකි විය.

එය අලංකාරව ගිනි දළු නිකුත් කරමින් ගොඩබිම මත පතිත විය. ම්ද වේලාවකින් එහි සියළු ආලෝකයන් නිවී ගිය අතර එහි දොරටුවක් විවෘත කරමින් කුඩා ජීවීන් දෙදෙනෙක් යානයෙන් ගොඩබිට පා තැබීය. ඉතා විශාල හිසක්ද එයටම ගැලපෙන කළු පැහැති විශාල ඇස් දෙකක්ද ඔවුන්ට තිබිණත් ඔවුන්ගේ නහය හා කට ඉතා කුඩා විය.

එම ජීවීන් දෙදෙනා තම අතේ වූ යන්ත්‍ර දෙකක් මා දෙසට යොමු කළහ. ඔවුන්ගේ යන්ත්‍ර අඹ ගස පිටුපස සැඟව සිටි මා සොයා ගැනීමට හැකිවී ඇතයි මට හැඟී ගියේය. අනතුරුව ඒ කුඩා ජීවිහු දෙදෙනා මා සමීපයට පැමිණියහ.

“මෙහාට එන්න, බය වෙන්න එපා! අපි ආවේ ඔබලාට අනතුරු ඇඟවීමක් කරන්න” එක් ජීවියක් පැවසුවේය.

“මොකක්ද?” මම ඇසුවෙමි.

“ඔබලාගේ ලෝකය ඔබලා විසින්ම විනාශ කර ගන්නවා”

“ඒ කොහොමද?”

“ඔබලා ගස් කපලා විනාශ කරනවා, පරිසරයට අහිත කර වායූන් නිශ්පාදනය කරලා පරිසරය දූෂණය කරනවා. තව අවුරුදු කීපයකින් වෙන්නේ ඔබලාට පමණක් නොවෙයි, මේ ලෝකෙ ඉන්න සියළුම සත්ත්වයන්ට ජලය, ආහාර නැතිව, විෂ වායු ආශ්වාස කිරීමෙන් මිය යන්නයි” ජීවියා කීවේය.

“අපි මොනවද ඒකට කරන්න ඕනි?” මම ඇසුවෙමි.

“ඔබලා දැන්මම ගස කැපීම නැවැත්වූයේ නැත්නම්, ඔය විෂ වායු නිකුත් වෙන යන්ත්‍ර එසේ නොවන ආකාරයට හැදුවේ නැත්නම්, ඔබලා සියල්ලම විනාශ වේවි. ඒ නිසා අද සිටම එයින් වලකින්න” යි කියමින් ජීවිහු තමන් පැමිණි යානයෙන්ම හදිස්සියේම නැගී විදිලි වේගයෙන් පිටත්ව ගියහ. මා නිවස බලා ගමන් කරන විය අඹ ගසේ අත්තක් මා අල්ලා ගත්තේය.

“ඔබලා අප්ව් විනාශ කරනවද?” අඹ ගස ඇසීය.

“නැහැ මාව අතහරින්න” මම කෑ ගැසුවෙමි.

එක විටබ මම නින්දෙන් තිගැස්සී අවදි වූයෙමි.

“ඇයි පුතා හීනෙන් බය උනාද?” අම්මා ඇසුවාය.

මම කිසිම දෙයක් නොදොඩා අඹ ගස වෙත දුව ගියෙමි.

සිහිනයන් පිටසක්වල ජීවින් පැමිණි තැන පොළොවේ වැලි සලකුණු වී තිබුණ අතර ඒ මත සිටි මත පත්‍ර හැලී ගිය අඹ ගස තම අතු පතර පහතට නවා ගෙන දුකින් මෙන් මා දෙස බලා සිටින බව මට පෙනී ගියේය.

“මේ කතාව මීට අවුරුදු 14 කට කලින් මම 10 වසරේ ඉන්න කොට සිංහල රචනාවකට ‘මාදුටු සිගිනයක් යටතේ ලියූ එකකි. පරණ පොත් ටිකක් අදිනකොට හම්බ වුනා”

--

--

Chatura Dilan Perera
Chatura Dilan Perera

Written by Chatura Dilan Perera

Optimistic who loves to explore new technologies

No responses yet